Nisadas Feed

...
...

Rasika Maduwanthi

ආදරෙ කියන්නෙ 💕💕

මන් ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහන්න ද.....💕

ඔයාලට හිතෙන විදියට ආදරෙ කියන්නෙ මොකක්ද ❣️

✍️ මදු
2021.05.05

...
...

Rasika Maduwanthi

🔥

ගිනි ඇවිලෙන මගෙ හිතට 🔥
ඔබ සීතල දිය පහරක් ⛲
ගින්නෙන් දැවෙන මගේ හිත...
නිවාලන්න ට හැකි ඔබට පමනයි
ඔබට ම පමණයි ❣️

ගින්නෙන් දැවෙනා මගේ හිත
අදින් ඔබට බාර යි......
ඔබ තුරුලේ සැනසෙන්නට 💕💕
මට දැන් අවැසියි ....

ඉතිං අපි ආරම්භ කරමු ❣️
අපගේ ජීවිත කාලය සදාකාලික ව
එකට ඉන්න ට... 💕

✍️ මදු
2021.05.04

...
...

Supuni Nilukala🍁

මංගල දිනය අදයි

නිමක් නැති සතුටක්
දෝරෙ ගලන්නට මත්තෙන්
කොරෝනා නුඹ ඇවිදින්
හරස් කරමින් කළේ
සැබෑ වෙන්න තිබු සිහිනයක්....



🍁🍁🍁🍁

...
...

Rasika Maduwanthi

මන් අාදරෙ යි

පලයන් පලයන් කියලා ඔයා
මාව කොච්චර එලෙව්වත් නෑ මන් යන් නෑ කියලා ඔයා එක්ක ම ඉන්නේ ඇයි දන්නවද...... මොකද

❣️ මම ඒ තරමට ඔයාට අාදරෙ යි❣️

හැමදාමත් ඔයා මොනා කිව්ව ත් ඔයා මොනා කරත් මගේ අාදරෙ වෙනස් කරන්න බෑ.........

✍️ මදු
2021.05.02
ප. ව 3.49

...
...

Rasika Maduwanthi

සමහරු ❣️

සමහරු..........

අද කෙනෙක් ට අාදරෙ කරනවා ❣️
හෙට තව කෙනෙක් ට අාදරෙ කරනවා ❣️
ඛවඩහරි එ අය අැත්තටම
පන වගේ කෙනෙක් ට අාදරෙ කරාම...
එයා තමන්ව දල ගියාම 💔
එදාට තේරෙයි ❣️අාදරෙ වේදනාව.....
අනිත් අයට දුන්න ගින්දර 🔥....

තමන් අාදරෙ කරනවා නම්..
අැත්තටම අාදරෙ කරන්න ❣️
ඛවදාවත් කාටවත් බලාපොරොත්තු දීීලා හීන මාලිගා හදල ඒවා ඔයාම කඩල බිදල දාන්න එපා 💔💔💔

අාදරෙ සෙල්ලමකට ගන්න එපා....
අාදරෙ ට අාදරෙ කරන්න....... ❣️

✍️ මදු
2021.05.02
පෙ. ව 8.48

...
...

Rasika Maduwanthi

අාදරෙ ❣️

සමහරු ටයිම් පාස් එකට ලව්
කරද්දී තවත් සමහරු අාදරෙ
මුලු ජීවිතයම කරන් ඉන්නවා ❣️

✍️ මදු
2021.05.02
පෙ. ව .8.30

...
...

Rasika Maduwanthi

මගේ මැනික මගේ ආදරේ
තරම් ඔබට කියල දෙන්නට
හැකිනම් අනේ මන් වාසනාවන්තයි
ඒ අතින්

✍ මදූ
2021.05.01
ප.ව.09.41

...
...

Dila 🖤🥀

54.

හුඟක් කවියන් ලියූ කවි ගී
පපුවෙ ගැඹුරට එබි එබී
කුමක් හෝ මතකයක් හොයනවා
නොදී යන්නට මැකි මැකී

පසුව දිනයක හමුවුනා ලොව
කවක ගීයක මල් පිපී
ඉතින් මතකය ලං වුනා මට
එතන හිටියෙත් ඒ අපී

එදා වාගෙම අදත් හෙටටත්
කවියො කවි මත හැපි හැපී
ලියයි පෑරුණු රිදුනු තැන්වල
තිබුනු ලස්සන ඒ හැටී

...
...

Dila 🖤🥀

53.

මහ රෑ
ගැස්සී අවදිව
ඉඟ වටා ගිය
නුඹේ අත
කොහිදැයි සොයමි..

ලෝකයම
එක තැන නතර කල
පපුතුරේ උණුහුම සොයමි..

බදාගෙන ආදරෙන්
විසිරුණු ජීවිතය
එක්තැන් කල
හීනෙනුත් ළඟ හිඳින
ආදරේ කොහි දැයි සොයමි..

...
...

Dila 🖤🥀

52.

ග්‍රීෂ්ම සෘතුවක හමුවුනු ඇස් දෙකක්
සීත සෘතුවට ඇද ගිය අත් දෙකක්
ඇයි හමුවනේ කියන එක ප්‍රශ්නයක්
බදාගත් පසු අතාරින්න නෑ හේතුවක්

හමු වූ තැනයි දැන් ඉදින තැනයි මහ දුරයි
පටන් ගත් තැන හොයායන එක කරදරයි
එන්න එන්නම නුබේ රූපය අන් සතුයි
මට නම් නුබ ගම්පෙරළිය වගේ ලස්සනයි

දුරින් ඉදිනා නුබේ රූපය අන් සතු වුනත්
සොඳුර නුඹගේ හීනී හදවත මා සතු කරන්
ආදරෙ මොකටද හදවත රැක්කොත් ඇති ආදරෙන්
නුබ මට හමුවුනු කාලෙකට පෙනෙනා හීනයක්

වෙන්න ඕනේ ඔක්කොම වෙලත්
නුබ තරම් දැනුනේ නෑ කව්රුවත්
හිනා වුනාට මහා ගොඩක්
උබටයි අයිති ඒ හිනාවේ කොනක්

...
...

Dila 🖤🥀

51.

ඉඳහිට දිනෙක සපැමිණ
වගතුග සොයා නිහඬව
නුඹ යළි නික්ම යන'යුරු
නොදුටුව විලස හැසිරෙමි

ආගිය තැනෙක සුපුරුදු
හැඟුමක සිහිල කැටිවුණ
ඉපැරණි මතක අරණක
දැන දැන අතරමං වෙමි

...
...

Kavinda Sahan

ආදරනීය සිත.....❤️

නුබට දරාගත හැකිද
මේ තනිකම....

නමුදු ඉවසා සිටිය යුතුය....

කෙදිනක හෝ ලැබෙන
තුරැ සැබෑ ආදරය.

...
...

ශශී❤️😍

❤️❤️❤️

පත් ඉරුව හැඩ කරපු වචන ඒ පෙරදාක
නුබ ගැනම ලියවුනා නිදි වරපු හැම රෑක
අතීතයෙ ගව් ගනන් ඇවිද ගිය මල් පාර
ඒ වගෙයි අද වුනත් හරිම සොදුරුයි බෝම...

නුබ ලගින් රැදුනාම අමතකයි ලෝකයම
හිදින්නම් දුර නොයා ඇසිල්ලක් රහසේම
වෙනස් වන ලෝකයක නොවෙනස්ව නුබ පිදුව
ප්‍රේමයට ආදරෙයි රත්තරන් හැමදාම...

ශශී

...
...

🌹නදී 🌹

ලොල් වී මදුවිතට යහමින්
දිවිගෙවනා.....
හිරි ඔතප් බිද පාගා
පය පිස්නා......
රගන රැගුම් වේ කාටත්
විහිලු ගෙනා......
රූකඩයක්ය ඔහු ලෝකෙට
සිනහතනා.....

වපර ඇසින් දැක ලෝකෙට
මැසිවිල්ල නගා....
හම්බකරපු සතයක් නෑ
ගේ අහලක රදනා .....
නින්දක් නැතිව නඩු හබ
ඇත කරපින්නා.....
අඹු දරුවන් ලබයි ඔහු
වෙනුවෙන් නව නින්දා....

පිං කරගන්න ලැබුනත්
පිංවත් මනුසත් දිවිය....
පිං කර ගන්න පිනනෑ පව
පෙරට එන.....
අඹු දරුවන්ගෙ හදවතෙ
ඇවිලෙන ගින්න......
තරමට දවයි ඔහු දවසක
සසර බිය.....


නදී..✍️

...
...

Naween Perera

ශේෂ වූ හිත

රැදි කොහෙද සිනා කැන් නුබ නැති රෑට
රිදවන්නෙ මතකයන් හදවත තව ගැබුරට
උණුහුමට ලංකර ඔබ කීව ඒ පෙම් පද
දුන් මිහිරි සුව නෑ එදා දැනුන තරමට
නබෝගැබ දෙස බලන් අඩවන් නෙතු අගට
ශේෂ උනු බිදුනු හිත හදනවා හිතුවට
කොහෙ හදන්නද බිදුනු කැඩපත් එක්කොට
හද රවටන්න නුබ තව උන් හා සැරසී
උසුලුවකට ගෙන විශ්වාසය කඩලා යද්දී
අදහන්නට බෑ රගපෑම මතකෙට එද්දී
මගෙ රළු හදත් නුබ බිදලා ඒ වෙද්දී
දැනුනා ගැබුරටම හද රිදුමන් දෙද්දී
කම් නැහැ තේරෙයි මං ඈතට වෙද්දී
මතුපිට හසරැල් පුරවන් වගේ එදාම
ඉන්නෙම් ලෝකෙට නුබ සගවන් හැමදාම
එදා පෙම්කල තරමටම මම රෑට
අපුලය දැන් තනිකම පිරුනු අදුර මට
හිතටත් වැඩක් නැත තව නුබ ගැන සිතනු හැර
නින්ද නෑ මට හෙටත් නැගෙන තුරු දිනකර.

~නවියා~

...
...

Dila 🖤🥀

50.

වගක් නැතුවා වගේ හිඳ
තනිව ඉකිබිඳී අහසද
කඩා වැටෙනා තරුවක
අවසන් එළිය සිහිකර

හරියටම මං වගේමයි
සිනහවන් දහසක් මැද
ළයට අත තියා බලනු මැන
තවම ඔබ එතැන එහෙමම

...
...

Dila 🖤🥀

49.

අඳුරු අහුමුළු ඔබා යටට
හිනා පුරවා හිඩැස් මැදට
ගොතා ගත් පසු රහට හැඩට
කවි කියන්නෙම මතක වලට

රෑක මීදුම අස්සෙ සඟවා
මිදුණු හසරැලි හෙමින් සොලවා
අයිති නැති තැන් පපුවෙ රඳවා
හීන වලිනුත් කවි ලියනවා

...
...

🌹නදී 🌹

👨‍👩‍👧‍👦

අද 2021.04.22,

නොනිමි ප්‍රාර්ථනා සියසින් දරා නෙත් අගිස්සේ.....❤️
බැදුනා පෙමින් හමනා මාපිය සෙනෙහස් සුළගක්සේ ......❤️
සොයමින් සතුට නිවසම පුරා උතුරායන හැමතිස්සේ......❤️
ගෙවුනා විසි එක් වසක් නුඹ
දෙදෙනගෙ අස්සේ......❤️

නිම් නැති සහෝදර බැම්මත්
මහ සමුදුරසේ......❤
නොසිදෙනා දියකි සංසාර
නිල්වන් ආකාසේ.....❤️
හසරැල් සිනා මුව තවරා අප දෙදෙනම මෙලෙසේ......❤️
ආසයි රැදෙන්නට හැමකල් නුඹ දෙදෙනගෙ අස්සේ......❤️

නදී..✍️

...
...

🌹නදී 🌹

යන්නට බුදු පුදට සුවද
විහිදුවා දසත්.....
පිපුනාට සුදු මල් පොකුරෙ
මල් බොහෝ ගනන්........

අහුවෙලා කතුරකට
රැවටිලා සෙයින්........
කලියෙන්ම ගිලිහිලා
පරනොවුනු එක මලක්......

මලේ අසරණ වූ බවක්
වට පිටේ මල් නොදත්.....
කරයි ඔච්චම් නිමක් නැතිවම
ඒ මෝඩ මලක්...

ගිලිහුනත් තවම ඇත
කලු අතරින් පිරිසිදු සුදක්....
කවුද ඇය පිලිගන්නෙ ඇයත්
තනිවුනු එකම එක මලක්....

නදී..✍️

...
...

කෞශික නිමාදිත්

😌😌

මට මාව...
හිමි නැත මේ ලෝකයේ
මට දැනුනේ එහෙමයි

විකාරයක්...
ඇස ගැටෙන ගැටෙන තැන්
මට පෙනුනේ එහෙමයි

ඝෝෂාවක්...
සවනට වැකෙන හැම ශබ්දයක්ම
මට ඇසුනේ එහෙමයි

මට ඕනී ඝණ අදුරක් සැගවෙන්න
හුස්ම ගන්න හඩ විතරක් ඇහෙන නිහැඩියාවක්
මැද ඉදගෙන

මට මාවම හොයන්න....

පොළවට ඉහලින්
ඈත පේන ඒ මණ්දාකිනියට
මටත් නොදැනි මට ඕනි
ඇදීලා යන්න...

ඉතිම්

මට ඉගිලෙන්න, මට මාවම දකින්න,
ඝෝෂාව මැද්දෙ උනත් කිසිවක් නොඇසුනාසේ හැසිරෙන්න...

කහ මල් පිපෙන
ඒ හීන් කොළ ඉත්ත තමයි කැබලි කරලා
හීනියට ඔතාගෙන ගහන්න
ඒකට හොදම බෙහෙත...

කෞශික____

Test

Top writers

Stay in touch